කෝප් සහ කෝපා කමිටු සඳහා සභාපතිවරුන් පත්කිරීම අද

0
459

අලුතින් පත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) රැස්වීමට නියමිතව තිබේ.

නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය සඳහා මෙම කමිටු රැස්වෙන්නේ පළමු වරට ය.

ඒ අනුව අද පෙරවරු 11.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම කමිටු රැස්වීමට නියමිත අතර එහිදී එම කමිටු සඳහා සභාපතිවරුන් පත්කර ගැනීමට නියමිත ය.

මෙම කමිටු දෙකේම සභාපති ධුර විපක්ෂයට ලබාදෙන ලෙස සමගි ජන බලවේගය දිගින් දිගටම ඉල්ලීම් කළත් මෙතෙක් ආණ්ඩු පක්ෂයෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාර හිමි වී නොමැත.

RN