රාජපක්ෂලාගේ වැරදි රාජ්‍ය සේවකයන්ගේ පිට පටවන්න එපා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

වත්මන් රජය විසින් පසුගිය කාලයේ රට විනාශ කරන ලද්දේ රාජපක්ෂලා නොව 16 ලක්ෂයක් වූ රජයේ නිලධාරීන් බවට චෝදනාවක් ගොනු කරන බවත් මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් රජයේ නිලධාරීන්ට අභූත චෝදනාවක් එල්ල කරන බවත් විපක්ෂයක් ලෙස එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පසුගිය 02 වනදා පැවති සමගි ජන බලවේගයේ හබරාදූව ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි. එහි ප්‍රධාන සංවිධායක සුමනසිරි ලියනගේ මහතා විසින් එය සංවිධානය කර තිබිණි.

රාජ්‍ය සේවය කප්පාදු කිරීම නොව එය නවීකරණයට ලක් කර ඔවුන් දැනුමින් සන්නද්ධ කර ඔවුන් හරහා රටම ගොඩනගන වැඩපිළිවෙළට සන්නද්ධ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දුන්නේය.

රාජපක්ෂලා විසින් සිදු කරන ලද වැරදිවලට රාජ්‍ය සේවයකයන්ට චෝදනා කර පළක් නොමැති බවත් කෝටිපතියන්ට විශාල බදු සහන ලබා දී මේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා බවත් රාජ්‍ය සේවකයන් ඒ සඳහා වැරදි නොවන බවත් ඒ මහතා පැවසීය. සුදු ලූණු, ගෑස්, පොල්තෙල්, සීනි, ගල්අගුරු වැනි වංචාවන් හැම දෙයක්ම සිදු කළේ රාජපක්ෂලා බැවින් ඒ සඳහා රාජ්‍ය සේවකයන් වගකිව යුතු නොවන බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ රට බංකොලොත් කිරීමට කටයුතු කළ සියලු දෙනා නීතිය හමුවට රැගෙන ආ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, ඔවුන්ට එරෙහිව දැඩි නීතිරීති ක්‍රියාත්මක කළ යුතු යැයි ද අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...