නාමල්ගේ ඇප නියෝගය ලබන 03 වැනිදාට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් සමාගම වෙත පැවරීම කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පස්වන ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුව (MC-5) ඇමතූ අමාත්‍ය වෛද්‍ය නලින්ද!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : දේශගුණික අවදානම්, ආපදා...

මහ බැංකු අධිපතිගෙන් රටේ ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳව පූර්ණ තක්සේරුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : රටේ විදේශ සංචිත,...

නොවැම්බර් 19 දක්වා නාමල් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

හිටපු ජනාධිපති ගෝඨාභයත් අධිකරණයට එයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොළඹ කොටුව...