ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත් ඒ සඳහා නීතියේ විධානයේ ආධිපත්‍ය ශක්තිමත් කළයුතුව ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා පවසයි.

“කඩාවැටිලා තියෙන සමාජයක් තමයි දැන් අපි සුවපත් කරන්නට ඕනෙ. එක්කෝ අපි මේ සමාජය ධර්මයෙන් හදන්න ඕනෙ, එහෙම නැත්නම් අපි නීතියෙන් හදන්න ඕනෙ. ධර්මයෙන් විතරක් හදන්න බැරි අය ඉන්නවා. ආං ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා. ඒ කෙවිට පරණයි නම්, ඒ කෙවිටට ගුල්ලෝ ගහලා නම්, ඒක කැඩෙනවා නම් හොඳ කෙවිටක් ඕනෙ වෙනවා. ඒ කෙවිට තමා නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම”

සුනිල් රත්නසිරි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා දිඹුලාගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...