තනතුරින් ඉවත් කළ බදුල්ලේ පොහොට්ටු නගරාධිපති එජාපයේ පිහිටෙන් යළි තනතුරට !

0
841

2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පිට පිටම දෙවරක් පරාජයට පත්වීම නිසා බදුල්ල නගරාධිපති තනතුරෙන් ඉවත් කෙරුණු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රියන්ත අමරසිරි මහතා යළිත් එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් නගරාධිපති තනතුරට තේරී පත්වී තිබේ.

මීට දින 12කට පෙර ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ප්‍රියන්ත අමරසිරි මහතාව තනතුරින් ඉවත් කළ අතර නව නගරාධිපතිවරයකු තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ (11) පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නගරාධිපති තනතුර සඳහා එහි උප නගරාධිපති අසිත නලින්ද මහතාගේ නම යෝජනා කර තිබුණු අතර එක්සත් ජාතික පක්ෂය විසින් හිටපු නගරාධිපති වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත අමරසිරි මහතාගේ නම යෝජනා කර තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු හැර අන් සියලුම දෙනාගේත් එක්සත් ජාතික පක්ෂයෙහි සියලුම මන්ත්‍රීවරුන්ගේත් ඡන්ද ලබාගනිමින් හිටපු නගරාධිපතිවරයා පහසු ජයක් වාර්තා කර ඇත. ඒ, සභාවේ ඡන්ද 25න් 15ක්ම ලබා ගනිමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here