ප්‍රධාන රෝහල් කිහිපයකට නව අධ්‍යක්ෂවරු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW:

පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින්.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ අනුමැතිය පරිදි, ජ්‍යෙෂ්ඨ පරිපාලන ශ්‍රේණියේ නිලධාරීන් පස්දෙනෙකු (05) සඳහා වන නව පත්කිරීම්වලට (“End-post placement of Senior Administrative Grade Officers – 2026”) අදාළ නිල පත්වීම් ලිපි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමාත්‍යාංශයේ දී පසුගියදා (02) ප්‍රදානය කරන ලදී.

ඒ අනුව කළුබෝවිල, රාගම, මඩකළපුව, පේරාදෙණිය යන ශික්ෂණ රෝහල් 04 සඳහා සහ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා නව අධ්‍යක්ෂවරුන් පත් කෙරිණි.

2026 අගෝස්තු මස නිකුත් කරන ලද පූර්ව දැනුම්දීම්වලට අනුකූලව මෙම පත්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුවන බව අමාත්‍යාංශය නිකුත් කළ අංක 01-58/2026 දරන නිල චක්‍රලේඛය මඟින් තහවුරු කර ඇත.

ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂවරිය ලෙස වෛද්‍ය ඩබ්ලිව්,එමි, යූ, එස් විජේමාන්න (Dr. W. M. U. S. Wijemanne) මහත්මිය පත් කෙරුණ අතර, ඒ මහත්මිය පෙර තනතුරේ සංවිධාන සංවර්ධන අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත.

රාගම ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩී.ඒ.කේ පෙරේරා (Dr. D. A. K.Perera) මහතා පත්කෙරුණ අතර, නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස ඒ මහතා පෙර තනතුරේ කටයුතු කර ඇත.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩබ්ලිව්. ඒ.පී.පී රත්නසේකර (Dr. W. A. P. P. Ratnasekare) පත්කෙරුණ අතර, ඒ මහතා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පෙර තනතුරේ කටයුතු කර ඇත.

මඩකලපුව ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය සුකුණන් (Dr. G. Sukunan) මහතා පත්කෙරුණ අතර, උතුරු කල්මුණේ මූලික රෝහලේ අධ්‍යක්ෂ ලෙස ඒ මහතා පෙර තනතුරේ කටයුතු කර ඇත.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩබ්ලිව්. එමි. සී.එමි විජේසිංහ Dr. W. M. C. M. Wijesinghe) මහතා පත්කෙරුණ අතර, කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ ලෙස ඒ මහතා පෙර තනතුරේ කටයුතු කර ඇත.

දිවයිනේ ප්‍රධාන පෙළේ ශික්ෂණ හා විශේෂිත රෝහල් පද්ධතියේ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉදිරියට ගෙනයාම යාම සඳහා අමාත්‍යවරයා මෙහිදී නව නිලධාරී මණ්ඩලයට සිය සුභාශිංසන එක් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ගුවන් සේවය Raid Amazones පිළිගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් සේවය...

නව ලෝකයට ඉඩ තබා මහත්මාගතියෙන් සමුගත් Maxwell..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ක්‍රිකට් ලෝකය කැළඹූ ග්ලෙන්...

දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් හමු වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුද්ධ හමුදාපතිතුමා දිවි පිදූ...

ඉරානයේ දකුණු වෙරළ තීරයේ Qeshm දූපත සහ Bandar Lengeh ප්‍රදේශවලින් පිපිරීම් රැසක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති...