දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් හමු වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW:

යුද්ධ හමුදාපතිතුමා දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් හමුවෙයි.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ඉහළම වීරත්ව සම්මානය වන ‘පරම වීර විභූෂණය’ (මරණින් පසු) පිරිනමන ලද, ගැමුණු හේවා බලඇණියේ 9 වන බලඇණියට අයත් දිවංගත කපිතාන් යූ.ජී.ඒ.එස්. සමරනායක මහතාගේ බිරිඳ වන ගයානි නන්දිසිරි මහත්මියව, හමුවූහ.

2009 මාර්තු 2 වන දින පුදුකුඩිඉරිප්පු මුදා ගැනීමේ සටන් මෙහෙයුම්වලදී එම නිලධාරියා සිදු කළ උත්තරීතර කැපකිරීම සිහිපත් කරමින්, යුද්ධ හමුදාපතිතුමා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසා බැලූ අතර, යුද්ධ හමුදාව වෙතින් ඔවුන්ට අඛණ්ඩව සහයෝගය සහ ආධාර ලබා දෙන බවට ද සහතික විය.

කපිතාන් යූ.ජී.ඒ.එස්. සමරනායක මහතා, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ග්‍රහණයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය මුදා ගැනීමේ සටන් මෙහෙයුම් අතරතුර, 2009 මාර්තු 2 වන දින තම ජීවිතය පරිත්‍යාග කරමින් උත්තරීතර කැපකිරීමක් සිදු කළ වීරෝදාර නිලධාරියෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේසි ආච්චි නඩුවෙන් නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටි යෝෂිත...

ශ්‍රී ලංකා ගුවන් සේවය Raid Amazones පිළිගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් සේවය...

නව ලෝකයට ඉඩ තබා මහත්මාගතියෙන් සමුගත් Maxwell..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ක්‍රිකට් ලෝකය කැළඹූ ග්ලෙන්...

ඉරානයේ දකුණු වෙරළ තීරයේ Qeshm දූපත සහ Bandar Lengeh ප්‍රදේශවලින් පිපිරීම් රැසක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03: ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති...