ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමට එරෙහිව විපක්ෂයම එක්වෙයි! (VIDEO)

Date:

මේ වන විට විවිධ මත ඉදිරිපත්කරමින් මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විපක්ෂය පසුගිය දිනවල අඛණ්ඩව චෝදනා එල්ල කරනු ලැබීය.

දැනට පවතින්නේ විකෘති ජන මතයක් වන හෙයින් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පවත්වා ජන මතය පිරික්සා බැලිය යුතු වන බවයි විපක්ෂය අවධාරණය කරන්නේ.

ආණ්ඩුවේම නියෝජිතයින් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නිදහස ජනතා සභාව විසින් ඊයේ (12) දින විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම මැතිවරණ කල්දැමීමට එරෙහිව විශේෂ සාකච්ජාවක් කොළඹදී පවත්වන ලදී.

ඒ අනුව ඊට විපක්ෂය නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් සහභාගී වී සිටි අතර මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සහ පළමු මොහොතේදීම පරාජය කළ යුතු බවට එහිදී එකඟතාවකට පැමිණ තිබේ.

එම සාකච්ජාවෙන් අනතුරුව එම එකඟතාව පිළිබඳ විපක්ෂයේ නියෝජිතයින් මාධ්‍යයට අදහස් දැක්වීමක්ද සිදුකරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...