ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමට එරෙහිව විපක්ෂයම එක්වෙයි! (VIDEO)

Date:

මේ වන විට විවිධ මත ඉදිරිපත්කරමින් මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විපක්ෂය පසුගිය දිනවල අඛණ්ඩව චෝදනා එල්ල කරනු ලැබීය.

දැනට පවතින්නේ විකෘති ජන මතයක් වන හෙයින් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පවත්වා ජන මතය පිරික්සා බැලිය යුතු වන බවයි විපක්ෂය අවධාරණය කරන්නේ.

ආණ්ඩුවේම නියෝජිතයින් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නිදහස ජනතා සභාව විසින් ඊයේ (12) දින විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම මැතිවරණ කල්දැමීමට එරෙහිව විශේෂ සාකච්ජාවක් කොළඹදී පවත්වන ලදී.

ඒ අනුව ඊට විපක්ෂය නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් සහභාගී වී සිටි අතර මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සහ පළමු මොහොතේදීම පරාජය කළ යුතු බවට එහිදී එකඟතාවකට පැමිණ තිබේ.

එම සාකච්ජාවෙන් අනතුරුව එම එකඟතාව පිළිබඳ විපක්ෂයේ නියෝජිතයින් මාධ්‍යයට අදහස් දැක්වීමක්ද සිදුකරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...