ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ස්කූබී නැටුම සතුට පමණක් නොවේ ජයග්‍රහණයේ සූදානමයි

Date:

පකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක ලකුණකින් පරාජය කර මෙවර 20/20 ආසියානු කුසලාන අවසාන තරගයට පිවිසීමට ශ්‍රී ලංකාව සමත් වුණා.එහිදී එක ලකුණකින් ලද ජයග්‍රහණය බැලූ බැල්මට පෙනෙන්නේ සියුම් ජයක් හැටියටයි.නමුත් අද වන විට ලෝකය පුරා අවධානයට පත්ව ඇති එම ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෑ රංගනය කියාපාන්නේ සැළසුම් සහගතව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම ජයග්‍රහණයට සූදානම්ව සිටි බවයි.එම ජයග්‍රහණය වෙනුවෙන් මෙම රංගනය ඉදිරිපත් කිරිමට ඔවුන් පුහුණු වී සූදානම්ව සිටි බවයි.එ සූදානම්වීම පෙන්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සම්බන්ධයෙන් හදවතින්ම බැදී සිටින විශ්වාසයයි.අද (ඔක්තෝම්බර් 15) අවසාන තරගය නිමාවේත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙවන රංගනයකට සූදානම්ව සිටින බව අපි විශ්වාස කරමු.
එසේම මේ අවසාන තරගයේදි ශ්‍රී ලංකා ජයග්‍රහණය අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ද විශේෂ උනන්දුවකින් ක්‍රීඩිකාවන්ට සුබ පැතීමට ඉදිරිපත්ව තිබෙනවා මේ සමඟ ඇත්තේ ශ්‍රී ලංකා 20/20 නායක දසුන් ශානක ඒ වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් කරන ලද සුබ පැතුමයි.

ලොව පුරා අවධානයට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ රංගනය මේ සමඟ තිබෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...