ජල පෝෂක ප්‍රදේශවලට දිගටම වර්ෂාව පැවතුනොත් විදුලි කප්පාදුව අවම කළ හැකියි! – කංචන

ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතුනහොත් විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අවම මට්ටමක පවත්වා ගනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) දින නිකුත් කළ ට්විටර් පණිවුඩයක් හරහා ය.

ජල උත්පාදනය වැඩිවීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කරනු ඇති බව ද ඒ මහතා අවධාරණය කළේය.

කෙසේවෙතත්, ඉදිරි විදුලි උත්පාදන කටයුතු සඳහා පවතින ජල සම්පත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ඇතැයි ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...