ජල පෝෂක ප්‍රදේශවලට දිගටම වර්ෂාව පැවතුනොත් විදුලි කප්පාදුව අවම කළ හැකියි! – කංචන

Date:

ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතුනහොත් විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අවම මට්ටමක පවත්වා ගනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) දින නිකුත් කළ ට්විටර් පණිවුඩයක් හරහා ය.

ජල උත්පාදනය වැඩිවීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කරනු ඇති බව ද ඒ මහතා අවධාරණය කළේය.

කෙසේවෙතත්, ඉදිරි විදුලි උත්පාදන කටයුතු සඳහා පවතින ජල සම්පත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ඇතැයි ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...