*
Thursday, September 26, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/15

1. 2022 වර්ෂයේ දී ආසියාවේ ‘නැගී එන වෙළඳපල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්’ පවතින රටවල් 30 අතුරින් ශ්‍රී ලංකාව අඩුම වර්ධන වේගය වාර්තා කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි – 2022 වර්ෂයේදී සියයට 8.7 කින් ආර්ථිකය හැකිලීමක් වනු ඇති බව පුරෝකථනය කරයි – 2023 දී සියයට 3 ක හැකිලීමක් – 2024 සිට 2026 දක්වා වර්ධනය පිළිබඳ පුරෝකථනයක් නොමැත – 2027 දී සියයට 3.1 ක වර්ධනයක් ඇතිවිය හැකිබවට පුරෝකථනයක්.

2. සියලුම ණයහිමියන්ට සමාන සැලකිල්ලක් අවශ්‍ය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බව එම අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශ කරයි! – ඵලදායී ණය නිරාකරණ යාන්ත්‍රණයක් කෙරෙහි උනන්දුකරන බව පවසයි – ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටවලට පරිත්‍යාගශීලීන්ගේ සම්බන්ධීකරණය පුළුල් කිරීමට ක්‍රම ද සොයයි.

3. “Paris Club” ශ්‍රී ලංකාවේ ණය සාකච්ඡා සම්බන්ධීකරණය කිරීම සඳහා චීනය සහ ඉන්දියාව වෙත – එහෙත්, එකී එකඳු රටකින් හෝ තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසයි.

4. ජාතිය ස්ථාවර කිරීමේ ජාතික ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමෙන් අනතුරුව පමණක් මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව සිතන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කරයි – ළඟදී මැතිවරණයක් නොපවත්වන බව සපථ කරයි – පළාත් පාලන සභිකයන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීම සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම අත්‍යවශ්‍ය බව ද පවසයි.

5. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (MV X-Press Pearl) නිසා සිදුවූ ව්‍යවසනය සඳහා ඩොලර් මිලියන ගණනක රක්ෂණ හිමිකම් ලබා ගැනීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බව ජනාධිපති කාර්‍යය මණ්ඩලය ප්‍රධානී සාගල රත්නායක ප්‍රකාශ කරයි.

6. විශාල මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලද තිළිණි ප්‍රියමාලි තමාගෙන් ද රු. මිලියන 750ක් “ගත්” බවට විශේෂඥ වෛද්‍යවරයෙක් රහස් පොලීසිය වෙත පැමිණිලි කරයි! – ප්‍රියමාලි රු. මිලියන 45ක් “ගත්” බවට තවත් කෝටිපති කාන්තාවක් පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.

7. මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර ණය පොලී අනුපාත වල පුදුමාකාර ලෙස ඉහළ යෑමක්! – අවුරුදු 3ක බැඳුම්කර සියයට 31.93 සහ අවුරුදු 7ක බැඳුම්කර සියයට 30.85 ක් – 2022 මාර්තු අවසානයේ පැවති මිල ගණන් හා සසඳන විට මෙම සතියේ වෙන්දේසිය සඳහා පමණක් රජයට අතිරේක රු. බිලියන 22.5 ක් වැය වූ බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

8. බංග්ලාදේශ මහබැංකු අධිපති අබ්දුර් රූෆ් තලුක්ඩර් වොෂින්ටනයේදී ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ හමුවෙයි – 2023 මාර්තු වන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 200 ක ණය ආපසු ගෙවනු ඇතැයි බංග්ලාදේශය අපේක්ෂා කරන බව පවසයි.

9. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා ගාස්තු වැඩි කිරීමක්! – පළමු වරට නිකුත් කරන ජාතික හැඳුනුම්පතකට රු. 200 ක්; අනුපිටපතක් සඳහා රු.1,000ක්.

10. සීමාව ඉක්මවා රන් ආභරණ පැළඳ විදේශයන්ගෙන් පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අනතුරු අඟවයි! – රත්‍රං ජාවාරම හේතුකොටගෙන මසකට ඩොලර් මිලියන 30ක පමණ මුදලක් රටට අහිමි වන බව පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan