අලුත් බද්දෙන් සිදුව ඇති ඛේදවාචකය විපක්ෂ නායක සජිත් හෙලිකරයි!

Date:

ආණ්ඩුව ආර්ථිකයෙන්, මෙන්ම අදහස් අතිනුත් බංකොලොත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කබලෙන් ලිපට වැටී ඇති ජනතාවට අලුත් බදු බරක් පැටවීම ආණ්ඩුව කටයුතු කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ජනතාවගේ කරමත අසීමිත පීඩනයක් පටවන අරුම පුදුම බද්දක් බවට එය පත්ව ඇතැයි ද පැවසීය. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ඇති එකම මඟ බදු වැඩි කිරීම පමණක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවට පැන්ඩෝරා පත්‍රිකා හරහා නම් සඳහන් පුද්ගලයින් සතුව ඇති ඩොලර් ද ගෙන්වාගත යුතු බව පැවසීය.

දේශයේ දුවා දරුවන් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” හරහා ලබාදෙන 36 වන බස් රථය ගාල්ල සිද්ධාර්ථ ජාතික පාසැලට පරිත්‍යාග කිරීම අද විපක්ෂ විපක්ෂනායකතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

දිවංගත ශ්‍රේෂ්ඨ කලාකරු,විශාරද පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් අධ්‍යාපනය හැදෑරූ පාසල ද ගාල්ල සිද්ධාර්ථ ජාතික පාසැලයි.

දේශපාලන ලකුණු වෙනුවෙන් අරගල කරනවා වෙනුවට අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකතුමා පැවසීය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...