යුක්රේනයට සවුදි අරාබියෙන් මානුෂීය ආධාර..

Date:

රුසියානු ආක්‍රමණය සමඟ යුක්රේනයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ සවුදි අරාබියේ සහාය යුක්රේනයට හිමිව තිබේ.

ඒ අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මානුෂීය ආධාර යුක්රේනයට ලබා දීමට සවුදි අරාබිය කටයුතු කරනු ඇති බවට එරට රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන SPA අනාවරණය කරයි.

එමෙන්ම, ඊයේ (14) දින සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි මහතා ට දුරකතන ඇමතුමක් ලබා දුන් බව ද එම පුවත් සේවය වාර්තා කරයි.

එමෙන්ම, යුක්රේනයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උත්සන්න නොවීමට ගත හැකි ක්‍රියාමාර්ග සඳහා සුවුදි අරාබියේ මැදිහත් වීම සහ සහයෝගය දිගටම ලබා දීමට තම රාජධානිය සූදානම් බව ද මොහොමඩ් බින් සල්මාන් යුක්රේන ජනපතිවරයාට පවසා තිබේ.

ඡායාරූප: ස්කයි නිව්ස්

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...