දෙවියන්ගේ නාමයෙන් කාන්තාවන්ට තමා කැමති දෑ ඇඳීමට ඉඩ දෙන්න.. බයිඩන් ඉරානයට කියයි!

ඉරානයේ මර්දනකාරී රජයේ ක්‍රියාකලාපයට විරුද්ධව ජන අරගල නිර්මාණය වී තිබෙන අතර, ඉකුත් දින හිජාබය පැළඳීමේ අඩුපාඩුවක් මත ඉරාන සදාචාර පොලීසිය (Morality Police) විසින් අත්අඩංගුවට ටික දිනකට පසු අභිරහස් ලෙස මරණයට පත්වූ මාහ්සා අමීනි වෙනුවෙන් එකී ජන අරගල උත්සන්න වීම සිදුවිය.

ඉරාන රජය පවසන්නේ, මෙම ජන අරගල ඉරානයේ නවමු සංවර්ධන වැඩපිළිවෙල සහ තම රාජ්‍යයේ විශිෂ්ටත්වය හෑල්ලු කිරීමට සතුරන් විසින් දියත් කරන ලද දුර්වල කැරැල්ලක් බවයි.

මෙම ජන අරගල මර්දනය කිරීමට ඉරාන රජය කටයුතු කරන බවත්, එකී මර්දනකාරී ක්‍රියාපිළිවෙත තුළ විදෙස් සංචාරකයන් පවා ඉරානයේ අත්අඩංගුවට පත්ව ඇති බවත් පසුගිය දින වල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කාන්තාව පිළිබඳව ඉරානය දරන ආකල්පයේ වෙනසක් අපේක්ෂා කිරීමෙන් මෙම ජන අරගලය ශක්තිමත් වෙමින් පවතින අතර, ඉරාන බලධාරීන් විසින් මෙම ජන අරගලය හමුවේ පාසල් ළමුන් පවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

මේ අතර, එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් මහතා ඉකුත් දින කැලිෆෝනියාවේ අර්වින් වැලේ කමියුනිටි කොලේජ් (Irvine Valley Community College) හි පැවති උත්සවයකට සහභාගී වෙමින් අවධාරණය කර සිටියේ, ඉරානය තමාගේම පුරවැසියන්ට එරෙහිව දියත් කරන මෙම මර්දනය වහා නතර කිරීමට කටයුතු කළ යුතු බවයි.

‘දෙවියන්ගේ නාමයෙන්‘ කාන්තාවන්ට තමා කැමති ඇඳුමක් ඇඳීමට අයිතිය ඇති බවත්, ඉරානය විසින් තම රටේම පුරවැසියන්ට එරෙහිව දියත් කර ඇති මර්දනය නවතා දමා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම සිය කතාවේදී පවසා සිටියේය.

ඉරානයේ රාජ්‍ය විරෝධී ජන අරගල උත්සන්න කිරීමට හේතුවූ මරණය පත් මාහ්සා අමීනි ඉරාන සදාචාර පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේ ඈ හිජාබය පැළඳීමේදී හිසකේ පිටතට විවෘත වී ඇති අයුරින් එය පළැඳ සිටීමේ චෝදනාව මත ය.

ඡායාරූප: රොයිටර්

සබැඳි පුවත්:

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩිකැප්‍රියෝගේ සිහින දූපතේ නොනිමෙන කතාව!

සටහන – පුලීනොවැම්බර් 12, LNW (කොළඹ): සුප්‍රකට හොලිවුඩ් නළු ලියනාඩෝ...

දැල් වූ පහන් ඉතිරි කරමින් මැකී ගිය රන් ස්වරය

සටහන: සශිකලා මධුෂාණී සිංහල සංගීතය සහ ටෙලිනාට්‍ය කලාව තුළ සිය...

රන්ජන් ජයලාල්ගේ මුග්ධ ප්‍රකාශය තරයේ හෙළාදකිනවා. ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල මීටපෙර පෞද්ගලික සමාගම් වෙතින් පළාත් පාලන...

2027 අයවැය : සංවර්ධනයට මුල් තැන

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: 2027 වසරේ සංවර්ධන අරමුදල්...