සටහන – රුවන් නෙළුගොල්ල
අතිරේක භෝග හේන්වල වගාකිරීමේදී පොහොර සහනාධාරය ලබානොදෙන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරයක් දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. ප්‍රතිපත්තිමය තීරණයක් විතරක් නෙවෙයි මුදලුත් වෙන් කළා. ඒකත් ආණ්ඩුවේ වැඩක්. ඒත් හෙක්ටයාර් එකකට රුපියල් 15000ක් අතිරේක භෝග සඳහා ලබාදෙන්න මුදල් වෙන් කළා. හැබැයි කොහේ වගා කළොත්ද අතිරේක භෝගවලට මේක ලැබෙන්නෙ ? හේන්වල වගා කළාට ලැබෙන්නෙ නැහැ. එහෙනම් වගා කළයුත්තේ කුඹුරු ඉඩම්වල. කුඹුරු ඉඩම්වල අතිරේක භෝග වගා කරනවා නම් පොහොර සහනාධාරය ලැබෙනවා, වීවලට ලැබෙන ගාණම”
කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරහන් භෝගය ප්‍රවර්ධනය කිරීම සඳහා හම්බන්තොට, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.


