සටහන – රුවන් නෙළුගොල්ල
සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට සූදානම් බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය යම් ධනාත්මක හැරවුමක් වශයෙන් පිළිගත හැකිවුවත් එහිදී ඒ මහතා ගෙන ඇති ප්‍රවේශය ගැටලු සහගත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
“ජනාධිපතිතුමාගේ ප්‍රකාශය එක්තරා විදියක ධනාත්මක හැරවුමක් කියලා අපිට ගන්න පුළුවන්, මේ පිළිබඳ කතා කරන්න සහ ඒක වෙනස් කරන්න එකඟයි කියන එක. අපි එතුමාගෙන් ඉල්ලනවා කොහොමද මේකට මුහුණ දෙන්නෙ කියන එක පිළිබඳ පුළුල් සමාජ සංවාදයක් කරන්න. ජනාධිපතිතුමා ඊයෙ කතා කරද්දී එතුමා රාජ්‍ය ත්‍රස්තවාදී පනත ගැන වචනයක්වත් කිව්වෙ නෑ. හැබැයි එතුමා කතා කළා සංවිධානාත්මක අපරාධ පනත ගැන. අත් අඩංගුවට ගන්නා සැකකරුවෙකු මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කරන්න කලින් පොලීසියේ රඳවා තබන කාලය පැය 72 කියන එක අවශ්‍ය නම් පැය 48 කරන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නෙ මේක මේ පේව්මන්ට් එකේ සේල් එකක් වගේ දෙයක් නෙවෙයිනෙ. පේව්මන්ට් එකේ සේල්වල නම්, අර පිටකොටුවේ යද්දී පදික වේදිකාවල නම් ඔහොම තියෙනවා. මොනවා හරි දෙයක ගාණ ඇහුවාට පස්සෙ කියනවා රුපියල් 400යි කියලා. එපා, 400ට නම් ගන්න බැහැ කිව්වාම කියනවා රුපියල් 300ට දෙන්නම් කියලා. නෑ, 300ටත් එපා ඕක 300ක් වටින්නෑ කියලා හැරිලා යනකොට කියනවා මහත්තයා 250ක් දෙන්න කියලා. මීටර් 200ක් විතර යද්දී කෑගහනවා ඇහෙනවා රුපියල් 100ට දෙන්නද, රුපියල් 100ට දෙන්නද, ආ අරන් යන්න 100ට දෙන්නම් කියලා. එහෙම කරන්න බෑ රටක නීති සම්පාදනයේදී. පැය 72ක් දානවා, පොඩ්ඩක් කෑගැහුවාම කියනවා එහෙනම් 48 කරන්නම් කියලා. හෙට උදේට ඇවිල්ලා කියයිද දන්නෑ 24 කරන්නද කියලා. එහෙම කරන්න බෑ රටේ නීති සම්පාදනයේදී. ඉතින් සේල් කඩේකදී වගේ හැසිරෙන්න එපා කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා නීති සම්පාදනයේදී. මෙතන තියෙන ප්‍රධාන ප්රශ්නය මොකක්ද ? අධිකරණය සතු බලයක් විධායකය විසින් පැහැරගෙන තියෙනවා. ඒක අපි කියනකොට මේ 72ක් නෙවෙයි එහෙනම් 48ක් තියාගන්නම් කියලා ජනාධිපතිතුමා කියනවා”
පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.


