කොළඹ නගරයට ඊයේ (06) සවස ඇද හැළුණේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වර්ෂාපතනයක් බැවින් එහිදී ඇතිවූ ජල ගැලීම් තත්වය විශෙෂ තත්වයක් වශයෙන් තේරුම් ගතයුතු බව කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
එසේම කොළඹ නගරයේ ඇළ මාර්ග සුද්ධ පවිත්‍ර කිරීම භාරවී ඇත්තේ කොළඹ මහ නගරසභාවට නොව පහත් බිම් ආයතනයට බවයි ඇය සඳහන් කළේ.
“සාමාන්‍යයෙන් කොළඹට ලැබෙන වර්ෂාපතන ප්‍රමාණයක් තියෙනවා. අපේ කොළඹටම සාමාන්‍යයෙන් මිලිමීටර් 30ක වගේ වර්ෂාපතනයකට තමයි අපේ කාණු පද්ධතිය අවුරුදු ගාණක් තිස්සේ හැදිලා තියෙන්නෙ. නමුත් ඊයෙ 129ක් වගේ වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒක අසාමාන්‍ය වර්ෂාපතනයක්, අපි ඒක දන්නවා. අපි දන්නවා මෙතන ගැටලුවක් ඉස්මතු වුණා නගරය පුරාම. එක එක තැන්වල යටවෙලා තිබුණා. ඉතින් නගරයේ ජනතාව වෙනුවෙන් අපි හැමවෙලාවෙම වැඩකරන ආයතනයක් හැටියට අපි උපරිම උත්සාහයක් දරනවා මේ වෙලාවේදී කොළඹ නගරසභාවත්, ඊළඟට අපි දන්නවා ඇළ මාර්ග සුද්ධ පවිත්‍ර කරන්නේ පහත් බිම් ආයතනය. එතකොට පහත් බිම් ආයතනයත් ඊට අමතරව පොලීසියත් යුධ හමුදාවත් මේ සියලුම කණ්ඩායම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලුම දෙනා එකතුවෙලා මේ සුද්ධ පවිත්‍ර කරන වැඩකටයුතුත් ඊට අමතරව අපේ තියෙන අනෙකුත් වැඩකටයුතුත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැකි ඉක්මනින් අපි ජනතාවට අවශ්‍ය ඒ මැදිහත්වීම සහ ඒ සහනය අපි දෙන්න බලාපොරොත්තු වෙනවා.
සාමාන්‍යයෙන් නගරයේ කාණු පද්ධතියට දරාගන්න පුළුවන් මිලිමීටර් 30 – 50 වගේ ප්‍රමාණයක්. දැන් ඒකෙ ධාරිතාවය වැඩිකරපු සමහර කාණු මේ නගරයේ තියෙනවා 100ක් විතර වෙන්න. හැබැයි ඒවා සුළු ප්‍රමාණයක්. ඉතින් 129ක් කියන්නෙ ඉතාමත්ම ලොකු වර්ෂාපතනයක්. විශේෂයෙන්ම පොඩි කාලයක් ඇතුළත ලොකු වර්ෂාපතනයක් තමයි ඊයෙ අපේ නගරයට ලැබිලා තියෙන්නෙ. ඒක විශේෂිත කාරණාවක්. ඒකට දීර්ඝ කාලීනව අපි කළයුතු විශාල වැඩකොටසක් තියෙනවා. හැබැයි මේක විශේෂිත අවස්ථාවක් කියලාත් තේරුම් ගන්න උත්සාහයක් දරන්නත් ඕනෙ. කෙටිකාලීන සැලසුම් දියත් කරන්න තමයි අද දවසේ අපි උනන්දු වෙන්නෙ. ඒකට අපේ දැන් ප්‍රමුඛතාවය දීලා දිගු කාලීන ඒවාත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ වර්ෂාපතනය දැඩි වර්ෂාපතනයක්. මිනිස්සුන්ගෙ දුක වේදනාව ඒගොල්ලො බෙදාගනී. ඒක බෙදාගන්න අපිත් ඉන්නවා, අපි වගකියන ආයතනයක්”
කොළඹ නගරාධිපතිනිය මේ බව පැවසුවේ කොළඹ ජලයෙන් යටවීමේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අද (07) කොළඹ මහ නගරසභාවේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


