වහාම ඇවිත් අගමැතිකම භාරගන්න – පොහොට්ටුවෙන් බැසිල්ට දැඩි ඉල්ලීම් !

Date:

වහාම ශ්‍රී ලංකාවට පැමිණ ආණ්ඩුවට නායකත්වය දෙමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ නායකයින් රැසක් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මේ වනවිට අග්‍රාමාත්‍ය ධුරය ලැබී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාට වන අතර ඒ මහතා මහජන එක්සත් පෙරමුණේ නායකයා වේ. අග්‍රාමාත්‍ය ධුරය නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත යුතුය යන ඉල්ලීම පසුගිය මාස කිහිපය පුරාම විටින් විට නැගෙමින් තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් නායකත්වයක් ලබාදෙමින් සහ ආණ්ඩුවේ නායකත්වය නැවතත් එම පක්ෂයට ලබාදෙමින් වහාම ශ්‍රී ලංකාවට පැමිණ අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු එම පක්ෂයේ ප්‍රබලයින් රැසක් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව සඳහන්. දැනට එංගලන්තය කරා ගොස් සිටින රෝහිත අබේගුණවර්ධන මහතා ද එහි සිට බැසිල් රාජපක්ෂ මහතා අමතමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවත් වාර්තා විය.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා යන මොහොත වනවිට ඒ මහතාගේ බලාපොරොත්තුව වී තිබුණේ ලබන ජනවාරි මාසය දක්වාම ඇමරිකාවේ රැඳී සිටීමට ය. එහෙත් මේ වනවිට පක්ෂයෙන් ඉදිරිපත් වන ඉල්ලීම අනුව එම තීරණය වෙනස් වීමට ඉඩ ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...