ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් – 20කට අධික පිරිසකට තුවාල

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08:
ජපානයේ මධ්‍යම ප්‍රදේශයට අද (08) අලුයම බලපෑ රික්ටර් මාපකයේ 5.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ ෂිසුඕකා (Shizuoka) ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අලුයම 1.04ට පමණ මෙම භූමිකම්පාව හටගෙන ඇති අතර, එහි ගැඹුර කිලෝමීටර් 40ක් පමණ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

භූමිකම්පාවත් සමඟ වෙළෙඳසැල්වල වීදුරු බිඳී ගොස් ඇති අතර, වෙළෙඳසැල් තුළ තිබූ භාණ්ඩ සහ පොත් රාක්කවලින් බිමට වැටී තිබේ. භූමිකම්පාවෙන් බේරීම සඳහා ගොඩනැගිලිවලින් පිටතට දිව යාමේදී පඩිපෙළවලින් ඇද වැටීම හේතුවෙන් ද ඇතැම් පුද්ගලයන් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ අතර, ඉදිරි දින කිහිපය තුළ තවත් ප්‍රබල පසු කම්පන ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ජපාන බලධාරීන් අනතුරු අඟවා තිබේ. විශේෂයෙන් ඉදිරි දින දෙක තුනක කාලය තුළ තවත් ප්‍රබල භූමිකම්පන ඇතිවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නල්ලූරුව හෝටලයක නීතිවිරෝධී පරිගණක ජාල වැටලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: පානදුර දකුණ පොලිස් වසමේ...

Real Madrid කණ්ඩායමේ 3-0 ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා (La Liga)...

මොකක්ද ආණ්ඩුවේ සූදානම? බොරු සාක්ෂි හදලා හරි විපක්ෂය මර්දනය කරන්නද හදන්නෙ? නාමල් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: තිබ්බ බදු ප්‍රමාණයටත් වඩා...

මුහුදෙන් ගොඩබිමට මාරු වූ ඇමරිකා-ඉරාන ගැටුම..

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: මැදපෙරදිග කලාපයේ සහ හෝමුස්...