නලින් බණ්ඩාර සජබෙන් ඉවත් කරයිද ?

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී හසුවී තිබිණි.

ඒ අනුව එම භාණ්ඩ ඊයේ (08) දහවල් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර මෙම ඩ්‍රෝන යානා ගුවන්තොටුපොළෙන් රැගෙන යාම සඳහා ආනයන පාලන බලපත්‍රය (ICL),විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) අනුමැතිය අවශ්‍ය වුවත්, මන්ත්‍රීවරයා එම අනුමැතීන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවත් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ පුවත්වලට ජනතාව ප්‍රතිචාර දක්වා ඇත්තේ “බලය ලැබුනොත් මෙයාල මොනව නොකරාවිද ?” යන ප්‍රශ්නය නඟමිනි. සිද්ධියට හේතු මොනවා වුවත් එයින් සමගි ජන බලවේගයට දැඩි හානියක් දැනටමත් සිදුව තිබේ. ඒ හානිය ආපසු හැරවීම අපහසු ය.

විශේෂයෙන් සමගි ජන බලවේගය ද මේ මොහොතේ දේශපාලනයේ නිරතවී සිටින්නේ දූෂණ විරෝධය සිය ප්‍රධානතම ප්‍රචාරණ අවියක් ලෙස යොදාගනිමිනි. නලින් බණ්ඩාරගේ මෙම ඩ්‍රෝන සිද්ධියෙන් පසු ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තුව තුළ හෝ ජනමාධ්ය සංවාද තුළ ආණ්ඩු පක්ෂයට චෝදනා කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ජනතාවට මතුවේ.

ඒ අනුව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගතයුතු බවටත් ඒ සඳහා මුලින්ම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිය යුතු බවටත් සජබ ක්‍රියාකාරීන් අතරින්ම සංවාදයක් මතුව ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රෆෝන් 16ක් යනු කෙනෙකු පුද්ගලික පාවිච්චිය සඳහා රගෙන එන ප්‍රමාණයක් හෝ අදාළ ලියකියවිලි නොමැතිව අමතකවීමෙන් ගමන් මල්ලේ දමාගෙන එන ප්‍රමාණයක් හෝ නොවේ. මෙය ඔහු සහ ඔහුගේ බිරිඳ දැනුවත්ව කළ දෙයක් බව පැහැදිලිව පෙනේ. මෑතකදී අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වූ සජබ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සජබ පක්ෂයක් ලෙස කටයුතු කළේය. ඒ පියවරම තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙනුත් ගැනීමට සජබ සූදානම්ද, නැතිනම් තමන්ගේ මන්ත්‍රීවරයා ආරක්ෂා කිරීමට ඔවුන් කටයුතු කරන්නේද යන්න ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇති අතර එයින් දූෂණ විරෝධී සටන් පාඨා කෙරෙහි ඔවුන්ගේ අවංකභාවය කොතෙක්ද යන්න මැන ගැනීමට ජනතාවට හැකිවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ අවි ප්‍රවාහන මාර්ග අවහිර කිරීමට ඇමෙරිකාවෙන් නව මෙහෙයුම් කණ්ඩායමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: මැදපෙරදිග කලාපයේ යුදමය...

ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 7ක් ජීවිතක්ෂයට; 125කට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: ඊජිප්තුවේ කයිරෝ අගනුවරට...

සංවර්ධන නිලධාරීන් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක !

සටහන - රුවන් නෙළුගොල්ල සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද...

ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි – අද (09) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 09) දිනයේදී උතුරු සහ...