සටහන – රුවන් නෙළුගොල්ල
දෙසැම්බර් මාසයේ වෙනදාට ලැබෙන තෑගි පාර්සල් මෙවරත් ලබාදෙන ලෙස කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සිදුකළ ප්‍රකාශය එතරම් සැලකිය යුතු දෙයක් නොවන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ප්‍රශ්නය – කඩුවෙල නගරාධිපතිතුමා කියනවා තෑගි බෝග අරන් එන්න කියලා. මොකද මේ එතුමාත් අමාරුද ජීවත් වෙන්න ?
“එතුමා එහෙම කතාවක් කියලා තියෙනවා නම් ඒ කතාව කියන්න ඇත්තේ ඒ හිටපු පිරිසත් එක්ක මිස එතුමා තෑගි බෝග එකතු කරන කෙනෙක් නෙවෙයි කියන කාරණය අපි ඉතාම හොඳින් දන්නවා රන්ජන් ජයලාල්. කතාවට අනවශ්‍ය ප්‍රචාරයක් දෙනවා මිස කතාව ඇතුළේ සැලකිය යුතු දෙයක් නෙවෙයි කියලා තියෙන්නෙ කියලා තමයි අපි විශ්වාස කරන්නෙ”
වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සබැඳි පුවත් –


