රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමට නව පනතක්

Date:

2022 සංශෝධිත අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ අයවැය කතාවේදී ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගීම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සහ රජය සතු සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන නව පනත් කිහිපයක් හඳුන්වාදීමේ සහ දැනට පවතින පනත් කිහිපයක විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබිණි.

ඒ අනුව, මහා භාණ්ඩාගාරය යටතේ පවතින කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ රාජකාරි කටයුතු පුළුල් කර ඊට නෛතිකභාවයක් ලබාදීමටත්, ජාතික වත්කම් ලේඛනයක් පිළියෙල කිරීමට සහ රාජ්‍ය වත්කම් සම්බන්ධ මධ්‍යගත දත්ත පද්ධතියක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ උදාහරණයක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දිවයින පුරා විශාල ඉඩම් ප්‍රමාණයක් පවතින අතර ඒවා විවිධ පුද්ගලයින් විසින් ඉතා අඩු කුලී පදනමක් යටතේත් ඇතැමුන් විසින් කිසිදු කුලියක් නොගෙවාත් භුක්ති විඳිමින් සිටින බවයි. ඒවායින් වාර්ෂිකව දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ රුපියල් මිලියන 100 – 150 ක් වැනි කුඩා ආදායමක් වන අතර මෙම වත්කම් නිසි වටිනාකම ලැබෙන පරිදි කළමනාකරණය කරගත හැකි නම් දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන තත්වයෙන් මුදවා ගැනීමට එය ඉවහල් වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. වෙනත් රාජ්‍ය ආයතන සතුව ද මෙවැනිම වත්කම් මේ ආකාරයෙන් පවතින බව පැවසූ ඒ මහතා ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීමෙන් බදු නොවන රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම සඳහා මෙම පනත සකස් කෙරෙන බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...