වෙඩි තැබීමකින් 21 හැවිරිදි තරුණියක් මරුට

Date:

ඊයේ (18) රාත්‍රී 08.30 ට පමණ වව්නියාව, නැදුන්කර්නි, ශිවානගර් ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දුරෙයිරාජසිංහම් ප්‍රමිලා නමැති 21 හැවිරිදි තරුණියක් බවයි පොලිසිය පවසන්නේ.

පියා සමග තම නිවසේ ජීවත්ව සිට ඇති එම තරුණිය ඊයේ රාත්‍රියෙහි කිසියම් කටයුත්තක් සඳහා නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබුවේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාවා දූපතේ නායයෑමක් : 21 ක් අතුරුදහන්

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ...

වියත් පුරේ ගෙවල් බෙදා ගත්ත හැටි එළියට. යන්න තැනක් නෑ කියපු මහින්දටත් ගෙයක්!

කොළඹ LNW: වියත්පුර නිවාස ව්‍යාපෘතියේ නිවාස හිටපු මැති ඇමතිවරු...

පළාත් සභා ජන්දය ගැන තීරණයක් ගන්න විශේෂ තේරීම් කාරක සභාවක්!

කොළඹ LNW: පළාත් සභා ක්‍රමය හා එම මැතිවරණය පැවැත්වීම...

ඔයගොල්ලෝ එකතු වෙලා රෝහිණි මන්ත්‍රීතුමිය විනාශ කළා!

කොළඹ LNW:වතුකම්කරුවන්ට වැටුප් වැඩිකිරීමේ කාරණයට විරුද්ධත්වයක් නොමැති අතර ඊට...