තෙල් සංස්ථාව බංකොලොත් වෙනවා කියලා ඇමති හැටියට මම තමයි මුලින්ම කිව්වේ – ගම්මන්පිල

Date:

තෙල් සංස්ථාව බංකොලොත් වන බව මීට වසර දෙකකට පෙර මුලින්ම ප්‍රකාශ කළේ ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

“අද ආණ්ඩුවට රටට ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් නෑ. ඩොලර් තිබුණත් ඒ ඩොලර් මිලදී ගන්න සංස්ථාවට රුපියල් නෑ. ඒ නිසා තමයි ඉන්ධන ආනයනය කිරීම සඳහා නව සමාගම් කිහිපයකට බලපත්‍ර ලබාදීම සඳහා මේ පනත ගෙනල්ලා තියෙන්නෙ. ඇත්තටම සංස්ථාවට මොකද වුණේ ? මාස 18 ක් වැනි කාලයක් මේ විෂයභාර අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු නිසා මේ සංස්ථාව මේ තත්වෙට පත්වුණේ ඇයි කියන කාරණාව සම්බන්ධව මටත් යම් කියවීමක් තියෙනවා. 2020 අගෝස්තු 17 අමාත්‍ය ධුරයේ වැඩභාරගත්තාට පස්සෙ මම තෙල් සංස්ථාවෙ අවසන් වසර පහේ වාර්ෂික ගිණුම් ගෙනල්ලා අධ්‍යනය කළා. ඊටපස්සෙ සැප්තැම්බර් මුල් සතියේ සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා, කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිහේවා මහතා, මූල්‍ය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරුණ වික්‍රමසූරිය මහතා ගෙන්නලා මම කිව්වා “මම මේ ගිණුම් අධ්‍යනය කළා, තෙල් සංස්ථාව බංකොලොත්. අපට වහාම ඉන්ධනවල වියදම ආවරණය වන මිලකට ඉන්ධන විකුණන්න පටන් ගන්න වෙනවා. ඒ වගේම ඩොලර් බිලියන 2ක් දිගුකාලීන ආපසු ගෙවීමේ හැකියාව මත සහන පොළියට ගන්න වෙනවා. මේ දෙක කරගන්න බැරිවුණොත් වසර දෙකකින් තෙල් සංස්ථාව බංකොලොත් වෙලා වහලා දාන්න වෙනවා. වෙනත් සමාගම්වලට ඉන්ධන ගේන්න බලපත්‍ර නිකුත් කරන්න වෙනවා” කියලා. දින වකවානු සහිතව මම මේ කිව්වේ මම මෙහෙම දෙයක් කිව්වද නැද්ද කියන එක ඒ නම් කළ අයගෙන් ඕනෙ කෙනෙකුට අහලා බලන්න පුළුවන්”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...