රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW:
ගැඹුරු මුහුදු මත්ස්‍ය අස්වැන්න නෙළා ගැනීම සඳහා, පෙබරවාරි මාසයේ සිට දේශීය ධීවර කටයුතු වෙනුවෙන් නව යාත්‍රා 05ක් යෙදවීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙමගින් රට තුළ මත්ස්‍ය අස්වනු නෙළීමෙන් පසු සිදුවන හානි අවම කර ගැනීමට හැකි වනු ඇතැයි අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කොලිත කමල් ජිනදාස මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ මත්ස්‍ය අස්වනු නෙළීමෙන් පසු සිදුවන හානිය දැනට සියයට 41ක් පමණ වෙතැයි ගණන් බලා ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

