සටහන – රුවන් නෙළුගොල්ල
2027 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (20) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත ය.
ඒ අනුව අද පස්වරු 06.00 ට එම ඡන්ද විමසීම පැවැත්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12වැනිදා අයවැය කතාව ඉදිරිපත් කෙරුණු අතර අයවැය දෙවැනිවර කියවීමේ විවාදය 13 වැනිදා සිට අද හවස දක්වාම පැවැත්වේ.
අද පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වනදා පස්වරු 06.00 ට පැවැත්වෙනු ඇත.
මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනයද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වේ.


