වතුකරයේ ස්මාර්ට් පන්ති කාමර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ඉන්දීය එකඟතාව!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වතු ප්‍රජාවේ දරුවන් වෙනුවෙන් යෝජිත ස්මාර්ට් පන්ති කාමර 60ක ව්‍යාපෘතිය සඳහා අවසන් අනුමැතිය සතියක් ඇතුළත ලබාදීමට ඉන්දීය පාර්ශ්වය එකඟතාව පළ කර තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශයේ ප්‍රධානී රොෂ්නි තොම්සන් (Ms. Roshni Thomson) මහත්මිය ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසක් සමඟ ඊයේ (19) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි මෙම එකඟතාව පළ කර තිබෙන අතර වතු ප්‍රජාවේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින්, නවීන තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ ඉඩකඩ සලසා දීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ස්මාර්ට් පන්ති කාමර ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු වී ඇත.

එහිදී ව්‍යාපෘතිය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගත යුතු අවසන් අනුමැතිය කඩිනමින් ලබාදීමට ඉන්දීය නියෝජිත පිරිස එකඟ වී ඇත.

මෙරට රජයේ පාර්ශවයෙන් අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බැවින් අනුමැතිය ලැබුණු වහාම ඉදිරි කටයුතු ආරම්භ කළ හැකි බව එහිදී අවධාරණය කර තිබේ.

මීට අමතරව, ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සහ එහි ඉදිරි අදියර කඩිනම් කිරීම පිළිබඳව මෙන්ම, ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගීතා අංශයේ දෙවන ලේකම් රම්‍යා සී. එස්., ජ්‍යෙෂ්ඨ ගිණුම් නිලධාරී සංජීව් තිවාරි යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් එක්වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ගෙනයාමට සූදානම් කළ හෙරොයින් කිලෝ 71ක් සමඟ චෙන්නායිහිදී දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී...

2027 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද...

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා මහ බැංකුව සිය එක්දින...

රජයේ විධායක නිලධාරීන් අද (20) දීපව්‍යාප්ත වැඩවර්ජනයක !

අද (20) දිනයේ දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට...