රුසියාවෙන් මෙරටට පිටුවහල් කරන ලද සංවිධානත්මක අපරාධකරුවකු වන අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල ඊයේ (20) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණියේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ භාරයට ගත් ඔහු මේ වනවිට පැය 72ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතී.
රුසියාවේ මොස්කව් නුවර සමුළුවකට සහභාගී වීමට ගොස් සිටි සිවිල් ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත ද ඊයේ පෙරවරුවේ එම ගුවන් යානයෙන්ම මෙරටට පැමිණ සිටියේය.


