ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත දැනුම් දී තිබුණි.
ඒ අනුව එය අද (21) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් සභාවට දැනුම් දෙන ලදී.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවක් නොපෙනෙන අතර සංශෝධන කිහිපයකට යටත්ව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
කෙසේවෙතත් මෙම පනතට එරෙහිව පාර්ශව කිහිපයක්ම තවදුරටත් විරෝධයේ නියැලෙන අතර එය වහාම හකුළා ගන්නා ලෙසයි ඔවුන් රජයට බලකරමින් සිටින්නේ.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත මගින් රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහැරීමක් සිදුවන බව ඊට එරෙහි පාර්ශව අවධාරණය කරයි.


