22 වැනි සංශෝධනය දෙවැනිවර කියවීම සම්මතයි !

0
696

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 179 ක් ලැබී තිබුණු අතර ඊට විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 01 ක් පමණි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා නොදෙන බව දිගින් දිගටම ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසන් මොහොතේ ඊට සහාය දීමට එකඟ වී තිබිණි.

මෙහිදී ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පමණි.

RN