සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්රාදේශීය සභාවේ 2027 වසර සඳහා වන අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 06කින් පරාජයට පත්ව තිබේ.
ඒ, එහි සභාපතිවරයා විසින් දෙවැනි වරටත් එම අයවැය ඊයේ (27) සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 13ක් ලැබී තිබුණු අතර අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 07ක් පමණි.
මෙම අයවැය ලේඛනය පසුගිය 18 වනදා පළමුවරට සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වැඩි ඡන්ද 05කින් පරාජයට පත්ව තිබිණි.


