සටහන – රුවන් නෙළුගොල්ල
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කොතරම් උද්ඝෝෂණය කළත් මෙවර අයවැයේ දශමයක් හෝ සංශෝධනය නොකරන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.
“රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුමයි. ආයෙ දෙකක් නෑ. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකළ යුතුමයි. ආයෙ කතා දෙකක් නෑ. දැන් අයවැය තුනකින් මූලික වැටුප වැඩිකළා. හතරවෙනි අයවැය තියෙන්නෙ දීමනා පිළිබඳ ප්රශ්නය මුළුමනින්ම විසඳන්න. ඔය එළියේ පොඩ්ඩක් නටන හින්දා මම මේ කියන්නෙ මේ දවස්වල. කොච්චර උද්ඝෝෂණ කළත් මේ බජට් එකේ දශමයක්වත් වෙනස් කරන්නෙ නෑ. මේක සංවර්ධනය ඉලක්ක කරලා තියෙන්නෙ. ඒක වෙනස් කරන්න බෑ. ඉතින් වෘත්තීය සමිතිවලට මේකෙ ප්‍රශ්නයක් තියෙනවානෙ, මොනවාහරි කරන්න ඕනෙ. නැත්නම් සමිති වඳවෙනවා, සමිති නැතුව යනවා”
කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ පෙරේදා (26) හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමිනි.


