කුවේටයේදී පුද්ගලයන් දෙදෙනකුට මරු කැඳවූ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත එකක් බවට තොරතුරු

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 28:
ඉතාලි විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ ටජානි සඳහන් කර ඇත්තේ, කුවේටයේ ගුවන් ආරක්ෂක නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් පසුගියදා එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ඉරනයේ නිෂ්පාදිත එකක් බවට කුවේට් බලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය ව ඇති බවයි.

ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් ඉතාලි ජාතික තාක්ෂණික නිලධාරීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් ජර්මනියේ ආරක්ෂක සමාගමක් වන Rheinmetall හි ඉතාලි අනුබද්ධ ආයතනයට සම්බන්ධ තාක්ෂණික නිලධාරීන් බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ප්‍රහාරයට යොදාගත් ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත එකක් බවට ප්‍රකාශ වුවද, එය ඉරානයේ සිට දියත් කළ බවට මෙතෙක් තහවුරු වී නොමැති බව ඉතාලි විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

මේ අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඉරානය ප්‍රකාශ කර ඇති අතර, සිද්ධිය පිළිබඳව ඉතාලිය සහ කුවේටය සමඟ ඒකාබද්ධ පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව ද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලන හා යුදමය උණුසුම මධ්‍යයේ මෙම සිදුවීම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් ජාත්‍යන්තර අවධානය යොමු කරවීමට හේතු වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද් පළතුරු විකුණන තරුණයෙකුට මහමගදී පහරදී පැනගිහින් !

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද්...

අදත් ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 28) දිනයේදී උතුරු සහ...

සිංහබාහු නාඩගමෙන් පස්සෙ ….

සරච්චන්ද්‍රගෙ එළිමහන් රඟහලේ කළුවර පිරෙනවාඑදා ගල්ලෙන බින්ද සද්දේ තාම...

ඉතිහාසයේ පළමුවරට පඩි වැඩිකරලා බැනුම් අහන ආණ්ඩුව මේක. අපි ඇමතිලා පඩි නොගෙන වැඩ කරන්නේ – හඳුන් දුක කියයි

රාජ්‍ය සේවක වෘත්ති‍ය සමිති වැටුප් වැඩිවූ ආකාරය ප්‍රමාණවත් නොවන...