වහල මත සවිකරන සූර්යබල පද්ධති සඳහා ලබාදෙන ගාස්තු ඉහළට!

වහල මත සවිකරන සූර්යබල පද්ධති සඳහා ලබා දෙන ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (25) දින නිකුත් කළ ට්විටර් පණිවිඩයකින් තහවුරු කර තිබේ.

ඒ අනුව, මීට පෙර පැවති රු. 22 ක සහ රු. 15.50 ක ස්ථර දෙකක ගාස්තු ක්‍රමය වෙනුවට, කිලෝවොට් 500 ට අඩු සූර්යබල පද්ධති වෙනුවෙන් රු. 37 ක ස්ථාවර ගාස්තුවක් ද කිලෝවොට් 500 ට වැඩි සූර්යබල පද්ධති වෙනුවෙන් රු. 34.50 ක ස්ථාවර ගාස්තුවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

තවද, වහලය මත සවිකරන සූර්යබල පද්ධති සවිකරන්නන් වෙනුවෙන් වසර 20ක් සඳහා මෙම නව ගාස්තු ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම ගාස්තු වාර්ෂිකව මිල සූත්‍රයකට අනුකූලව සංශෝධනය වන බව ද හෙතෙම සිය ට්විටර් පණිවිඩය හරහා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...