රටින් පැන්නූ ඩොලර් ආපසු ගන්න නීති බලාත්මක කළ යුතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ඖෂධ හිඟයට මෙන්ම රටේ ඩොලර් අර්බුදයටත් විසදුමක් ලබාගැනීමට කළ යුත්තේ රටින් පිට කළ ඩොලර් නැවත ගෙන්වා ගැනීම බවත් එය සිදුකළ යුත්තේ පුද්ගලයන් ඉලක්ක කර නොව, වැරදි සිදු කළ කණ්ඩායම් ඉලක්ක කර බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

ඊට පවතින නීති බලාත්මක කිරීම සහ ඒ සඳහා ක්‍රියාත්මක ආයතන සඳහා ස්වාධීනත්වය ලබාදීම අත්‍යාවශ්‍යම කරුණ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

දරුවන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ, පිලිකා රෝගී ඖෂධ සහ බොහෝමයක් බාහිර රෝගී ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍යය ඖෂධ වර්ග රැසක පවතින හිඟය කඩිනමින් අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ සම්බන්ධයෙන් අදාල අංශවල අවධානය යොමු කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියා.

” ඖෂධ හිගයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඩොලර් හිගය සහ ගෙන්වීමේ ක්‍රමවේදයේ පවතින ගැටළුයි. මෙම ඩොලර් හිඟය විසඳීම සඳහා හොඳම විසදුම වන්නේ පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන්ව ඇති, රටට අහිමිව ඇති කෝටි ගණනක ඩොලර් ප්‍රමාණය යළි ගෙන්වා ගැනීමට කටයුතු යෙදීමයි. එසේ නොමැතිව චීනයෙන්,ඉන්දියාවෙන්,ඇමෙරිකාවෙන් සහ යුරෝපා හවුලෙන් ණය ලබාගැනීම මේ සඳහා වන සුබවාදී විසඳුම නොවෙයි”

ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය, ඔසුහල් සහයකයින්ගේ සංගමය, එහි ව්‍යවසායකයින්, බෙදා හරින්නන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පෙරේදා (25) රැස්වූ ජාතික මහජන සභාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...