සෞඛ්‍ය ආයතන සදහා රුපියල් මිලියන 1464 ක් වටිනා නව ගිලන් 60 ක්

0
414

ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙරට කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් නව ගිලන් රථ 60 ක් සෞඛ්‍ය ආයතන වෙත ලබාදීම අද (26) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය, කෙහෙලිය රඹූක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි

මෙරට සෞඛ්‍ය පද්ධතියේ භෞතික සම්පත් ඉහළ නැංවීමේ අරමුණින් ලබාදුන් මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් මිලියන 24.4 ක් වන අතර, එ් අනුව මුළු ගිලන් රථවල වටිනාකම රුපියල් මිලියන 1464 කි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 11 ක් සදහා සංකේතාත්මකව ගිලන් රථ ලබාදීම සිදු විය.

ඒ් අනුව රාගම පුනරුත්ථාපන හා තැලසීමියා ඒ්කකය, මහරගම අපේක්ෂා රෝහල, මුල්ලේරියාව රෝහල, රාගම ශික්ෂණ රෝහල, කළුබෝවිල රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර ජාතික රෝහල, කොළඹ, කෑගල්ල, මහනුවර සහ රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ගිලන් රථ ලබාදීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද, සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්. ශ්‍රීධරන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැපයීම්) සිසිර කුමාර, අධ්‍යක්ෂ (ප්‍රවාහන) එචි.ඒ්.එස් ජිසන්ත, ලෝක බැංකු ව්‍යාපෘතියේ මහජන සෞඛ්‍ය සේවා පිළිබද ඡ්‍යෙෂ්ඨ විශේෂඥ දීපිකා ආටිගල මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.