22ට පක්ෂ වුණේ ඇයි ? – සජිත් පැහැදිලි කරයි

Date:

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් රටේ යහපත් රාජ්‍ය පාලනයක් ඇතිවේය යන අදහසක් ජාත්‍යන්තරය තුළ ඇති බවත්, ඒ හේතුවෙන් පටු දේශපාලන අදහස් මත කටයුතු නොකර, රට නැවත ගොඩනැගීම වෙනුවෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව තමන් ඇතුළු සමගි ජන බලවේගය ඡන්දය ප්‍රකාශ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, පෙරේදා (26) හම්බන්තොට විල්පිට රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදීයි.

ඒ, අමරපුර සද්ධම්මයුක්තික නිකායේ මාතර පාර්ශවයේ වැඩබලන මහනායක පුජ්‍ය උයන්වත්තේ සද්ධාරාම නාහිමිපාණන් වහන්සේ බැහැදැකීම සඳහායි.

උන්වහන්සේගේ පැවිදි දිවියට 60 වසරක් සැපිරීම නි⁣මිත්තෙන් පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය පිළිබඳවද මෙහිදී විපක්ෂ නායකවරයා අවධානය යොමු කළා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...