ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක් ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, රසකැවිලි (චුයින්ගම් ඇතුළුව), චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් යන භාණ්ඩ ආනයනකරුවන් එම භාණ්ඩ දිවයිනට ඇතුළුවන ස්ථානයේදී එම භාණ්ඩයට අදාළ ආනයනකරු විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලියාපදිංචි ලිපියන ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සටහන් කර තිබිය යුතු බවට එම ගැසට් නිවේදනයෙන් විධාන කොට ඇත.

RN