අද උද්ඝෝෂණයට අවසර නෑ – පොලීසියෙන් ලිපියක් !

Date:

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල සහභාගීත්වයෙන් අද (02) කොළඹදී පැවැත්වීමට නියමිත පා ගමනට සහ උද්ඝෝෂණයට අවසර ලබාදීමට නොහැකි බව දන්වමින් කොළඹ මධ්‍යම II කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත ලිපියක් යවා තිබේ.

ඒ අනුව මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල සිට අද ආරම්භ වීමට නියමිත පා ගමන නිසා මාර්ග අවහිර වීමක් සිදුවුවහොත් ඊට සහභාගී වන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ.

මෙවැනි ලිපි මෙම විරෝධතාව සංවිධානය කරන තවත් අය වෙත ද යවා ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...