අපගේ ණය තිරසරභාවයේ ප්‍රගතිය මත රැඳුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය

Date:

අප මුහුණ දී සිටින ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ රජය නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා ඒ සඳහා එම අරමුදල සමග තවමත් සාකච්ඡා කරමින් සිටී. එම අරමුදලෙන් මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම එහි පළමු කඩඉමයි. ඉන් පසුව තිබෙන්නේ ඒ සඳහා එම අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි. එය වඩාත් දුෂ්කර වී ඇත්තේ මෙවර අප එම අරමුදලේ සහාය ඉල්ලා ඇත්තේ අපගේ ණය තිරසාරභාවය නොමැති තත්ත්වයක් යටතේ නිසාය.

ඒ නිසා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබාගැනීමට අපගේ ණය තිරසරභාවය ඇති කර ගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ඇති කර ගැනීමට සිදු වේ. ඒ සඳහා මේ වන විට අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර එහිදී චීනය, ඉන්දියාව සහ ජපානය යන රටවල් තීරණාත්මක ය. චීනය සහ ඉන්දියාව මේ සඳහා පහසුවෙන් එකඟ වනු ඇති ද යන ප්‍රශ්නය මතුව තිබේ. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය අපට ලැබීම තවත් කල් යයි ද? එසේ මෙය කල් ඇදීමෙන් අපට කවර තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති ද? මේ ප්‍රශ්න මේ වන විට මතුව තිබේ.

මේ පසුබිම තුළ බොහෝ දෙනෙක් අයිඑම්එෆ් ණය පහසුකම ගැන කතා කරනු පෙනේ. එනම් අපට ඔය කියන ණය පහසුකම කවදා ලැබෙනු ඇති ද යන්නයි. ඒ සඳහා නිශ්චිත කාලයක් කිව නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ම ප්‍රකාශ කර තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් මෙන්ම මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති කොන්දේසි ඉටු කිරීමට ද ඒ සඳහා අපට සිදු වේ. පසුව ඒ සම්බන්ධයෙන් වන ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට ද අපට සිදු වේ.

ඒ පිළිබඳව ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීමක්ද සිදු කලේය.

“නොවැම්බර් මාසය මැද වන විට ගිවිසුමකට එළැඹ, දෙසැම්බර් මාසය මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට හැකි වුවහොත් ඉතා වාසිසහගත තත්ත්වයක් උදාකරගත හැකියි. චීනයේ පක්ෂ සම්මේලනයෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමුව තිබෙන නිසා මෙය සාර්ථක කර ගැනීමට පුළුවන් වෙයිද කියා මම දන්නේ නැහැ. එසේ නොවුණහොත් ජනවාරි මාසය වන විට එය සාර්ථක කර ගැනීමට අපි ඉලක්ක සහගතව කටයුතු කළ යුතුයි.”

ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ විශේෂයෙන් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම නිශ්චිතභාවයක් නොමැති බවයි. ඒ සඳහා අපට ප්‍රමාදයක් ඇති වුවහොත් මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ද ප්‍රමාද වෙයි. ඒ අනුව අපට මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලැබීමට ප්‍රමාද වෙයි. එවිට සිදු වන්නේ අපට උග්‍ර විදේශ විනිමය අර්බුදය සමග ගත කිරීමට සිදුවෙන දුෂ්කර කාලය තවත් දිගු වීමයි.

මේ නිසා මේ මොහොතේ ඉතාම තීරණාත්මක කරුණක් වන්නේ අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් හා සාර්ථක කර ගැනීමයි. ජනාධිපතිවරයා කියන පරිදි සෑම රටක්ම, සෑම ආයතනයක්ම දන්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් යම් සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.05

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...