*
Friday, October 18, 2024
spot_img

Latest Posts

අන්තිමට විඳින ක්‍රිකට් ද විකිණෙන ක්‍රිකට් ද ?

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසාන පූර්ව වටය අරඹමින් එළැඹෙන නොවැම්බර් නව වන දා පකිස්තානය සහ නවසීලන්තය සිඩ්නි ක්‍රීඩාංගණයේදී හමුවීමට නියමිතය.ඒ පළමු ඛාණ්ඩයේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම සහ දෙවන කාණ්ඩයේ දෙවන ස්ථානයේ සිටින කණ්ඩායම හැටියටය.පළමු ඛාණ්ඩයේ දෙවන තැන සිටින එංගලන්තය දෙවන කාණ්ඩයේ මුලින්ම සිටින ඉන්දියාවට එරෙහිව තරත බිමට පිවිසෙන්නේ නොවැම්බර් 10 වන දා ය.ඒ හමුවීම සිඳුවන්නේ ඇඩිලේඩ් හී දී ය.

සිඩ්නි ක්‍රිඩාංගණය මෙන්ම ඇඩිලේඩ් ක්‍රීඩාංගණය ද මේ තරගාවලියේ පිතිකරුවන්ට උපකාර කළ තණතිලි සහති ස්ථාන හැටියට හැඳින්විය නොහැකිය.ඒ නිසා පිතිකරුවන් කෙතරම් ප්‍රහාරාත්මක වෙන්නේ ද යන්න තරමටම උපක්‍රමශීලීව ප්‍රහාරය තරමටම ආරක්ෂාව නඩත්තු කර ගන්නේ කෙසේද යන්නත් සළකා බැලීම මත සාර්ථක ඉණිම් ගොඩ නැඟෙනු ඇත.ඉන්දියාව ප්‍රහාරාත්මක අතින් ඉදිරියෙන් සිටින බව පෙණුන ද,එංගලන්තය සතුව අවස්ථාවේ හැඩය ගත හැකි ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිටියි.ඉන්දීයාව සතුව එවැනි මට්ටමෙන් අභියෝග කරන්නට විරාට් කෝලි සහ මේ මොහොත වන විට සූරිය කුමාර් යාදෙව් ඇත.

පකිස්තානයේ වර්ථමානයේ විශ්වාසය තැබිය හැකිම පිතිකරුවා වෙන මොහොමඩ් රිස්වාන් තවමත් ලෝක සූරතාවලියේ ඔහුගේ නිවැරදි තත්ත්වය දැකිය හැකි ඉණිමක් ක්‍රීඩා කර නැතක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම ව්‍යහුයක දි හොඳම ආරම්භක පිතිකරුවන් දෙපළක් වන රිස්වාන් සහ බාබර් අසාම් අවසාන පූර්ව තරගවලදී යථා තත්ත්වයට පත් වුව ද පකිස්තානයට එයම වුව ජයග්‍රහණයට සෑහිය හැකිය.නමුත් තරගාවලිය ආරම්භයේදීම එංගලන්තයට එරෙහිව අනුකම්පා විරහි ප්‍රහාරයක් දියත් කළ නවසීලන්තය වෙනුවෙන් ඉතිරි තරග හතරේ කණ්ඩායමට එකතු වූ ග්ලේන් පිලිප්ස් අවසාන පූර්ව වටයට පෙර ප්‍රතිවාදීන්ට වඩාත්ම හිස රදයක් වූ ක්‍රීඩකයා වූවේය.ශ්‍රී ලංකාවට එරෙහිව ශකතයක් රැස් කළ පිලිප්ස් එතැන සිට නොනැවතී සිය ප්‍රහාරය පවත්වා ගෙන යමින් සිටියි.එසේම ඩෙවොන් කොන්වේ,ෆින් ඇලන් සහ කේන් විලියම්සන් ද ටිම් සවුති බෝල්ට්,මෙන්ම තුන් ඉරියව්වෙන් දායකත්වය දක්වන ජිම් නීසම්,මිචෙල් ස්ටෙට්නර් වැන්නන් ද ඇතුළුව කණ්ඩායමක් හැටියට තරගයකදී වැඩි බලපෑම එල්ල කළ හැකි සාමුහිකත්වය සහ ඉවසිලිවන්ත නායකත්වය නවසීලන්තය සතුව තිබේ.

නමුත් මේ සියලු දත්ත රූටා වැටෙන දක්ෂයෙකුගේ එක උඩ පන්දුවක් අත එරෙන අවස්ථාවකදී සපුරා වෙනස් වෙන බව ඇත්තය.ඒ නිසා පන්දුව සහ පිත්ත අතර වන මේ සංග්‍රාමයේ අනෙකාට අවස්ථාවන් දීම සහ අනෙකාගෙන් ලැබෙන අවස්ථාවක් පැහැර හැරීම යන කාරණා දෙකේදීම සිඳුවන්නේ පරාජය වැළඳගන්නට බව සෑම කණ්ඩායමක්ම අවබෝධයෙන් සිටිම තරගාවලියේ තරගකාරීත්වය ඉහළින් පවතින්නට හේතු වෙනු ඇත.ලෝකයේ ක්‍රිකට් ලෝලීන්ට වැදගත් වන්නේ මේ මොහොතේ සිය කණ්ඩායම ක්‍රීඩා කිරිම නොවන අතර හොඳම ක්‍රිකට් නැරඹීමය.ඒ සඳහා පිටියට නොයන රූපවාහිනිය ඉදිරියේ ආලින්දයේ අසුන් ගන්නා සෑම ක්‍රීඩා ලෝලියෙක්ගේම පශ්චාත්භාගය එක ලෙසකින් අසුනේ රැඳී නොසිටින උණුසුම සහිත තරගයක් දෙන්නට මේ කණ්ඩායම් හතරේම ඇති දක්ෂයන්ගේ දස්කම් එකවර මතු වුණොත් අනිවර්යෙන්ම හැකියාව ඇත.ඉතිං ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ටද ඒ ආශාව බලාපොරොත්තුව ඇති බව නිසැකය.

පෙණුමට අනුව කණ්ඩායමක් හැටියට විශාල ප්‍රසිද්ධියක් ඇති නම් එකතුවක් නැතත් නවසීලන්තයට වැඩි අවස්ථා හිමි බවක් සිතිය හැකිය.නමුත් වානිජමය අපේක්ෂාවන් සහිත ක්‍රිකට් සංවිධායකත්වය, වැඩිම ඉල්ලුමක් ලබා ගන්නට හැකිවන සේ ලෝකයේ උන්මාදනීය ක්‍රිකට් තරග බවට පත්වන පකිස්තාන – ඉන්දිය අවසාන තරගයක් දකින්නට හීන දකිනවා සැක නැත.ක්‍රිකට් විඳින ක්‍රිකට් ද විකිණෙන ක්‍රිකට් ද යන්න තීරණය කිරීමට මේ කණ්ඩායම් තරග නොකරනු ඇත.එහෙත් ප්‍රතිපලය අවසානයේ තිරණය කරන්නේ එය වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan