*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

පිපෙමින් තිබූ රතු රෝස කුසුම මතට කළු මීවන ශාකය කඩා වැටෙයි

මෙවර නව වන වරට පැවත් වූ කාන්තා රග්බි ලෝක සූරතාවය පැවත්වුණේ 2017 වසරේදී සූරතාවයේ හිමිකාරීත්වය දරන නවසීලන්තයේය.කාන්තා ලෝක සූරතා රගබි ඉතිහාසයේ පස් වතාවක් සූරියන් වන ඔවුන්ට මෙවර දෙවතාවක් සූරතාවය මෙන්ම හය වතාවක් පස් වතාවක් අනු සූරතාවය දිනා සිටින එංගලන්තය හත් වතාවක්ම අවසාන තරගය නියෝජනය කිරීමට දිනා අමතරව,වර්ථමාන ශ්‍රේණිගත කිරීම් හී අංක එකට සිටීමත් පැහැදිළි අභියෝගයක් විය.කාන්තා රගර් කේෂ්ත්‍රයේ Red Roses සේ හඳුන්වන එංගලන්ත කණ්ඩායමත් Black Ferns හඳුන්වන නවසීලන්තයත් අසම සම දක්ෂතා සහිත ඉතිහාසයක උරුමක්කාරියෝ වෙති.ඒ නිසාම සූරතාවය සඳහා මොවුන්ගේ හමුව සමප්‍රදායික මුණ ගැසීමක් මෙන්ම උද්වේගකර බව අනන්‍යතාවය වූ එකකි.

තරගාවලියට පෙර සිට පැවති තත්ත්වයම තහවුරු කරමින් අවසාන තරගයට පිවිසියේ එංගලන්තය සහ නවසීලන්තය ය.තරගයේ ආරම්භයේ සිටම එංගලන්තය තමන්ගේ අංක එකේ තත්ත්වය ප්‍රදර්ශණය කරන්නට විය.තරගය ඇරඹි තෙවන මිනිත්තුවේදී හ ඔවුන් උථ්සාහක දිණුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්ථනයද සාර්ථක කර ගත්තේය.13 වන මිනිත්තුවේදී යළිත් උත්සාහක දිණුමකින් සහ ප්‍රවර්ථනයකින් එංගලන්ත ලකුණු පූවරුව පෙරට එද්දී ද නවසීලන්තය සිටියේ බින්දුවේය.

නවසීලන්තය ලකුණු අතරට ආවේ 18 වන මිනිත්තුවේදී ය.එම අවස්ථාවේ දී මෙන්ම 25 වන මිනිත්තුවේදී ද වාර්තා වූ උත්සාහක දිණුම්වල ප්‍රවර්ථනයද සාර්ථක වූ අතර තරගයේ හතළිස් වැනි මිනිත්තුවේදී ලබා ගත් උථ්සාහක දිණුම ප්‍රවර්ථනයක් කරා රැඟෙන යන්නට නවසීලන්තයට හැකි නොවීය.ඒ අනුව නවසීලන්තය තරගයේ අර්ධයක් නිමා වන විට සිටියේ ලකුණු 19 ය.ඒ මොහොතේ දී එංගලන්තය ප්‍රවර්ථන සහිත උත්සාහක දිණුම් තුනකින් සහ ප්‍රවර්ථන රහිත උත්සාහක දිණුමකින් ලකුණු ලබා ගනිමින් එංගලන්තයට වඩා ඉදිරියෙන් රැඳෙමින් ලකුණු 26 ක් රැස් කරගෙන සිටියේය.

ප්‍රථම අර්ධයේ එංගලන්ත ශක්තීන් ඉදිරියේ සැසලි නවසීලන්ත ක්‍රීඩිකාවෝ දෙවන අර්ධයට පිවිසියේ නව පණක් සහිත වූවෝ සේ ය.පීඩනය එංගලන්තය දෙසට තල්ලු කරමින් ඔවුන් එක උථ්සාහක දිණුමකට සීමා කරන්නට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.නමුත් ප්‍රථම භාගයේ ලැබූ වාසිය නිසා තරගයේ හැත්තෑ එක්වන මිනිත්තුව දක්වාම එංගලන්තය තරගයේ ජයග්‍රහණය සඳහා පෙරමුණේම විය.ලකුණු පූවරුව 31 – 29 ක් ලෙස එංගලන්තයට සිය තෙවන සූරතාවය රැඟෙන යා හැකි බවට අනාවැකි පැවසීය.නමුත් 71 වන මිනිත්තුවේදී වේගයෙන් පන්දුව වෙත පැමිණි අයේෂා ලිටී එංගලන්ත නායිකා සාරා හන්ටර් අතට පත් වන්නට තිබුණ ලෝක කුසලානය සිය නායිකාව වන රුචී ඩිමෙන්ට් අතට පත්වීමට අවශ්‍යය උත්සාහක දිණුම වාර්තා කළාය.

නවසිලන්ත නායිකා ඩිමෙන්ට් පැ දක්ෂ ක්‍රීඩා විලාශය මෙන්ම කණ්ඩායම පසුබැසීමෙන් නොනැවතී නැවත තරගය සඳහා කැදවා ගෙන ඒමට දැක් වූ නායකත්වයේ මඟ පෙන්විම නිසා ද අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සේ ඇගයීම් ලැබුවාය.සැබෑ අවසාන තරගයක තිබිය යුතු උද්වේගකර බව නො’අඩුව ප්‍රදර්ශනය කළ කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවෝ රගර් ක්‍රීඩිකාවේ ඉහළ ආස්වාදයට සම්මාදම් වූහ.එංගලන්තය ඉතා හොද තරගයක් ලබා දුන් අතර තරගයේ 17 වන මිනිත්තුවේ දී නීති විරෝධි අන්දමේ ක්‍රීඩා විලාශය හේතුවෙන් එංගලන්තයේ ලීඩියා තොම්ප්සන්ට රතු කාඩ්පත් අවවාදය ලැබිණ.ඒ නිසා එතැන් සිට එංගලන්ත කණ්ඩායමට ඇයගේ සේවය නොලැබීමත් සමාන දස්කම් ඇති කණ්ඩායම් දෙකක් බැවින් තදින්ම දැණින.
තරගාවලියේ තෙවන ස්ථානය සඳහා පැවති තරගයෙන් කැනඩාව අභිබවමින් ලකුණු 36 – 0 ක ජයක් ලබා ගන්නට ප්‍රංශය සමත් විය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan