අද ජනතාවට සහන දෙන්න බැරි වුණොත්? – සමඟියේ සූදානම!(VIDEO)

අද (14) දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේ අන්තර්ගතය පිළිබඳ නිශ්චිතව නොදන්නවා වුවද සාමාන්‍ය ජනතාව ගැන සිතා අයවැය ඉදිරිපත් නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඒ, අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

පසුගිය දිනවල ගැසට් මඟින් ඉතිහාසයේ නොවූ විරූ ලෙස බදු පැනවීමෙන්ම එය පෙන්නුම් කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට ඉහළ උද්ධමනයක් වාර්තාවන රටවල් අතරටද ශ්‍රී ලංකාව එක් වී තිබෙන හෙයින් අද ඉදිරිපත් කරන අයවැයේ මූලික හරය විය යුත්තේ වැටිච්ච රට ගොඩගැනීමට මඟපාදන දෙයක් මිස තවදුරටත් දේශපාලන ලියවිල්ලක් නොවිය යුතු බව හෙතෙම කියාසිටියේය.

කෙසේවෙතත් අයවැයෙන් ජනතාවට සහනයක් දීමට නොහැකි වුවහොත් එය ජාතික අර්බුදයක් දක්වා ගමන් කිරීම වැළැක්විය නොහැකි බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...