*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අද ජනතාවට සහන දෙන්න බැරි වුණොත්? – සමඟියේ සූදානම!(VIDEO)

අද (14) දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේ අන්තර්ගතය පිළිබඳ නිශ්චිතව නොදන්නවා වුවද සාමාන්‍ය ජනතාව ගැන සිතා අයවැය ඉදිරිපත් නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඒ, අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

පසුගිය දිනවල ගැසට් මඟින් ඉතිහාසයේ නොවූ විරූ ලෙස බදු පැනවීමෙන්ම එය පෙන්නුම් කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට ඉහළ උද්ධමනයක් වාර්තාවන රටවල් අතරටද ශ්‍රී ලංකාව එක් වී තිබෙන හෙයින් අද ඉදිරිපත් කරන අයවැයේ මූලික හරය විය යුත්තේ වැටිච්ච රට ගොඩගැනීමට මඟපාදන දෙයක් මිස තවදුරටත් දේශපාලන ලියවිල්ලක් නොවිය යුතු බව හෙතෙම කියාසිටියේය.

කෙසේවෙතත් අයවැයෙන් ජනතාවට සහනයක් දීමට නොහැකි වුවහොත් එය ජාතික අර්බුදයක් දක්වා ගමන් කිරීම වැළැක්විය නොහැකි බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan