ත්‍රස්ත පනතින් රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (14) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගය අනුව ය.

එහිදී හඳුනාගැනීමේ පෙරෙට්ටු කිහිපයකට ඉදිරිපත් කළයුතු බව පවසමින් ඔහුගේ මුහුණ ආවරණය කර අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය කටයුතු කර තිබුණු නමුත් එම පෙරෙට්ටුවලට අදාළ නඩු මොනවාදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ විට එවන් කිසිදු නඩුවක් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අපොහොසත්ව ඇති බව වාර්තා විය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත වසන්ත මුදලිගේව මෙසේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ නමුත් ඔහුව කෙසේ හෝ තවදුරටත් රඳවා තබාගෙන සිටීමේ අරමුණින් යුතුව පොලිසිය කූඨ උපක්‍රම භාවිතා කරමින් සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණු අතර එම කරුණ ද නඩු වාර්තාවට ඇතුළත් කරගෙන ඇති බව සඳහන්.

වසන්ත මුදලිගේව නැවත නොවැම්බර් 18 වනදා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියම කර ඇති අතර එතෙක් ඔහුව නැවතත් රැඳවුම් භාරයට පත්කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ විරෝධී සම්මුතියට අත්සන් තබයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය සතියේ වියට්නාමයේ...

යෝධ කුකුළෙක් මෙන්ම වෝල්නට්ස් තලන වැඩිහිටියෙක් දක්වා; අද්විතීය වීදි කලාවට තවත් නිර්මාණ පොකුරක්!

සටහන – පුලී නොවැම්බර් 03, කොළඹ (LNW): කොන්ක්‍රීට් මංතීරුවක සිටින...

ශ්‍රී ලංකාව Beautyworld Middle East 2025 තරඟාවලියට..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : 2025 ඔක්තෝබර් 27...

ගෝලීය අවදානම්වලට වඩා කිම් කාර්ඩැෂියන් ලොකු විච්ච නාසා ආයතනය!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 03, ලෝකය (LNW): විද්‍යා ක්ෂේත්‍රයේ නොවන පුද්ගලයෙක්...