අධිවේගී පිරිමි පාපැදි ජය තිරණය කිරීම රූපවාහිනි දර්ශන පරික්ෂාවකින් පසුව

0
504

අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අද විවෘ​ත වන අතර එම කරුණ පාදක කරගෙන ඊයේ එම මාර්ගයේ කිමී 80 ක පාපැදි තරගයක් පැවත්වීය.පැයට කිලෝමීටර් 40 ට වැඩි වේගයෙන් මෙහිදි පිරිමි තරග කරුවන් සිය වේගය පාලනය කර ගැනීම කැපි පෙණුන අතර අවසානයේ මුල් ස්ථාන දහයම තරගය එකම වේලාවකදි නිම කර අතර ජයග්‍රාහකයා සොයා ගැනීම සඳහා රූපවාහිනි දර්ශන පරික්ෂා කරන්නට සිදු විය.

අවසානයේ ජයග්‍රහනය යුද හමුදාවේ නිරාන් පසිඳුට හිමි විය.දෙවන ස්ථානය ගුවන් හමුදාවේ සංජු දීමන්තටත් තෙවැනි තැන ෆන් ක්‍රීඩා සමාජය නියෝජනය කළ චාමික සඳුන් කුමාරටත් හිමි විය.ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කළ චමෝද සිල්වා සහ යුද හමුදාවේ මධූප ආකේෂ් පිළිවෙලින් සිව්වැනි සහ පස්වැනි තැන් ලැබූහ.මුල් ස්ථාන දිනූ දස දෙනාගේම කාල සටහන් වූයේ පැය 01:51:35 ක් ලෙස ය.

කාන්තා තරගයේ දි ප්‍රථම සහ දෙවන ස්ථාන හිමි වූයේ යුද හමුදාවේ නිමේෂා දිල්රුකිෂිට සහ ගුවන් හමුදාවේ ඉමල්කා චමෝදිනීට ය.ඔවුන් දෙදෙනා පොකුරෙන් මිදි සිය පැපැදි හසුරුවන ලද පැය 02:37: 34 න් තරගය නිම කරන්නට සමත් විය.තෙවන ස්ථානය දිනූ යුද හමුදාවේ මධුමාලි ප්‍රනාන්දුටත්,සිව්වන ස්ථානය දිනූ සුදාරිකා ප්‍රියදර්ශනීත්,පස්වෙනි ස්ථානයට පැමිණි යුද හමුදාවේ ශාලිකා දිල්හානිත් ගත කළ කාලය සටහන් වී තිබුණේ පැය 02:46:39 ක් ලෙස ය.

RM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here