අන්තරේ විරෝධතා පාගමනට පොලීසියෙන් බාධා – තුම්මුල්ලෙන් පාරත් වසයි(VIDEO)

0
473

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සිවිල් හා දේශපාලන සංවිධාන එක්ව මේ වන විට ආරම්භ කර තිබෙන විරෝධතා පා ගමන ඉදිරියට යාම වැලැක්විම සඳහා පොලීසිය තුම්මුල්ල බෞද්ධාලෝක මාවත වසා දැමීමට කටයුතු කර තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම ස්වාමීන් වහන්සේ නිදහස් කර ගැනීම වෙනුවෙනුයි එම විරෝධතාව සංවිධානය කර තිබෙන්නේ.

ඒ අනුව විරෝධතාකරුවන් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියට රැස්වෙමින් සිටින අතර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් මතුව ඇත.

ASK