ජාති ආගම් වලින් තොර එක්සේසත් රටක් හදමු – ජනපති උතුරේ දී පවසයි

Date:

මෙහිදී උතුරු පළාත් ඉඩම් හා නිවාස, සෞඛ්‍යය, වාරි මාර්ග කෘෂිකර්මය යන අංශ වල මතුව ඇති ගැටලු සඳහා ලබා දිය හැකි විසදුම් පිළිබඳව ජනාධිපතිවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත .උතුරු පළාතේ විවිධ ක්ෂේත්‍ර වල මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය ක් උසස් කිරීමට පියවර ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

උතුරු පළාතේ පවතින මෙතෙක් විසඳුම් නොලැබුණු සියලු ගැටළු වලට විසඳුම් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන ලදී.

1994 වසරේ දී සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි කළ දෙමළ ජනතාවට මෙතෙක් ඉඩම් ලබා නොදීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ජනාධිපතිවරයාගේ අවදානයට යොමු කර ඇත. එම ගැටලුව මාස තුනක් ඇතුළත මැදිහත්වී විසඳීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වවුනියාව දිස්ත්‍රික් ලේකම් වරයාට උපදෙස් ලබා දෙන ලදී. ඒ පිළිබඳ අධිකරණ සහ ඉඩම් අමාත්‍යංශ වලින් කරුණු විමසීමට ද නියමිත ය.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ගොවි බිම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගෙන තිබීම හේතුවෙන් මතුව ඇති ගැටලු කෙරෙහි ද එහිදී අවධානය යොමු විය.

මේ අතර උතුරු පළාත් සංවර්ධන විශේෂ ඒකකය ජනාධිපති උප කාර්යාලක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය. එහි දී ජනාධිපතිවරයා ජනතාව අමතා ප්‍රකාශ කළේ එම කාර්යාලයේ සිට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවස්ථාව සිටිය යුතු තිබිය යුතු බවයි.

ඒ සඳහා එම කාර්යාලය වව්නියාවේ විවෘත කළ බවත් අවශ්‍යතාවය මත වෙනත් කාර්යාල වල නිලධාරීන් ද මෙම ස්ථානයට රැස් කර අවශ්‍ය කරුණු සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දෙන ලදී.

තවදුරටත් එහි දී ජනාධිපතිවරයා කියා සිටියේ එම කාර්යාලයේ තවත් ප්‍රධාන වැඩ කොටසක් සිදු වීමට නියමිත බවයි. එනම් රට තුළ විවිධ ජන කොටස් එක්සත් කිරීමේ ක්‍රියාවලිය ද මෙම කාර්යාලය හරහා සිදු කිරීමටත්, උතුරු දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු බවත් බලාපොරොත්තුවන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

රෂිකා හෙන්නායක
2022.11.20

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...