රටේ ප්‍රශ්න විසඳාගන්න නව ජනවරමකින් නව ආණ්ඩුවක් ඕනෑ – අනුර (VIDEO)

Date:

රටේ ප්‍රශ්න විසඳාගැනීමට නම් නව ජනවරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

“දැන් රනිල් වික්‍රමසිංහ ආවාට පස්සෙ සමහර අය හිතනවා එදා තෙල් පෝලිම තිබ්බට දැන් තෙල් පෝලිම නෑනෙ, ගෑස් පෝලිම තිබ්බා දැන් ගෑස් පෝලිම නෑනෙ, රනිල් වැඩේ විසඳලානෙ කියලා. මතක තබාගන්න, විසඳලා නෑ. අප්‍රේල් 12 වෙනිදා ඉඳලා මේ වෙනකොට ලෝකයට පොලු තියලා තියෙනවා ඩොලර් කෝටි 320ක්. රුපියල් කෝටි 116,000 ක්. විදෙස් ණය විතරක් ඉදිරි වසරේ ගෙවන්න තිබෙන ප්‍රමාණය ඩොලර් කෝටි 650 යි. මේ ව්‍යසනයේ පීතෲවරු රනිල් වික්‍රමසිංහලා. මේක විසඳන්න නව ජනවරමකින් නව ආණ්ඩුවක් ඕනෙ. පගාව නැති රටක් ගොඩනඟන්න බෑ අටවාගන්න ජනාධිපතිලාට”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) බදුල්ලේදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...