ජනතා මුදල්වලින් වැටුප් ගන්න අය හරියට වැඩ නොකළොත් ගෙම්බො කපුටො වෙලා උපදින්නේ – ප්‍රසන්න රණතුංග

Date:

ජනතා මුදල්වලින් වැටුප් ලබන පුද්ගලයන් ලබන වැටුපට සරිලන සේවයක් සිදු නොකළහොත් ගෙම්බන්, කපුටන් වී ඉපදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ලබන වැටුපට සාධාරණය ඉටු කිරීම ඔවුන්ගේ වගකීමක් බවද ඇමතිවරයා සඳහන් කරනවා.

ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘දේශපාලනඥයන්ද ඇතුළු රජයේ නිළධාරින් වැටුප් හා දිමනා ලබන්නේ ජනතා මුදලින්. ජනතා මුදලින් අපි ලබන වැටුපට අපි සාධාරණය ඉටු කළ යුතුයි. ජනතා මුදලින් වැටුප් හා දිමනා ලබන අය ඊට සරිලන ලෙස සේවය ඉටු කළේ නැත්නම් ඔවුන් ඊළග ආත්මයේ උපදින්නේ කපුටෝ, ගෙම්බෝ වෙලා. මේක මගේ තාත්තා මට කියලා දුන්නු දෙයක්. අද මම මේ ඇමති කෙනෙක් විදිහට මේ වරප්‍රසාද ලබන්නේ ජනතාවගේ මුදල්වලින්. මම මගේ දරුවන්ට කන්න දෙන්නේ ජනතාවගේ මුදලින්. ඒ නිසා මම නම් මට කළ හැකි උපරිම සේවය රට වෙනුවෙන් කරනවා. හැමවිටම කටයුතු කරන්නේ මගේ හෘදසාක්ෂියට එකගවයි. ඔබත් අද සිට ඔය ගන්න වැටුපට සාධාරණය ඉටු කරන්න. හුග දෙනෙක් රාජ්‍ය සේවයට එන්නේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන්. ජනතා සේවය නිසි පරිදි ඉටු වන රාජ්‍ය යාන්ත්‍රණයක් සැකසිම සදහා කැපවෙන්න. ඒක ඔබේ යුතුකමක් හා වගකීමක්.’

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...