මත් උවදුරෙන් දරුවන් රැකගන්න

“මත් ටොෆි, මත් චොකලට්, මත් ලොලිපොප් සහ ටැබ්ලට් වැනි විවිධ ආකාරයට පාසල් තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වෙන්න පුළුවන්.

මේ නිසා දෙමාපියන් නිරන්තරයෙන්ම මේ පිළිබඳවත්, ඒවා භාවිත කිරීමෙන් සිදුවන ආදීනව ගැනත් දැනුවත් කිරීම ඉතා වැදගත්…..” යැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

පාසල් යන තම දරුවන් ගැන දෙමාපියන් නිතර විමසිලිමත් වීම ඉතා වැදගත් බව පැවසූ නියෝජ්‍ය පොලිස්පතිනිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“සමාජයේ තිබෙන විවිධ අභියෝග අපිට එකවර නතර කරන්න බැහැ. ටොෆි, චොකලට්, ටැබ්ලට් ලෙසින් නොයෙකුත් විදිහට පාසල් තුළට අද වෙනකොට මත්ද්‍රව්‍ය ඇතුළු වෙලා තියෙනවා. දෙමාපියන් වශයෙන් ඔබ මේ ගැන දරුවන් දැනුවත් කරන්න. ඒවායේ ආදීනව ගැන කියාදෙන්න. දරුවා විශ්වාස කරලා අවිශ්වාසයක් ඇති නොවන විදිහට ඔහු ගැන සොයා බලන්න.

දරුවා පාසලට ගියාම, ක්ලාස් ගියාම ඇසුරු කරන යාළුවෝ කව්ද, දහම් පාසලේ ආශ්‍රය කරන යාළුවෝ කව්ද, පාසලට යනඑනකොට මොනවද කරන්නේ, මේවා ගැන නිතර විමසිලිමත් වෙන්න ඕනේ , දෙමාපියන් දරුවන් ගැන විමසිලිමත් වෙනවා නම් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ නැහැ. ඒ නිසා මොනතරම් කාර්යබහුල වුණත් තමන්ගේ දරුවන් ගැන දෙමාපියන් විමසිලිමත්ව කටයුතු කළ යුතුයි”

ලෙස ඇය වැඩි දුරටත් පැවසීය .

දරුවන් රැකගැනීමේ පළමු වගකීම ඇත්තේ දෙමාපියන් වන ඔබටය. එම වගකීම නිසිලෙස ඉටුකරමින් සමාජයට වැඩදායී දරු පිරිසක් බිහිකරමු.

රෂිකා හෙන්නායක
2022.12.01

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...